සී.බී.රත්නායකගේ රියදුරා නිල නිවසේදී අභිරහස් ලෙස මියගිහින්

null

හිටපු මන්ත්‍රී සී.බී රත්නායක මහතාගේ රියදුරු වස පානය කර මියගොස් සිටියදී කොළඹ 07 ම‍ලලසේකර මාවතේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිල නිවසේ දී සොයාගෙන තිබේ.

පසුගිය 1 වනදා මාදිවෙල – සුභද්‍ර මාවතේ පිහිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ පුද්ගලික නිවස ගින්නකින් විනාශ විය. මෙම සිද්ධියත් සමඟම එම නිවසේ සිටි හිටපු අමාත්‍යවරයාගේ රියදුරා අතුරුදන්වූ අතර ඒ හේතුවෙන් එම සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට සැක පළ විය.

ගින්න සම්බන්ධයෙන් තමන්ව සැක කරන බවත් ඒ පිළිබඳව තමන් සිත්තැවුලෙන් පසුවන බව එම රියදුරා ලිපියක් මගින් සිය බිරිඳට දැනුම්දී ඇති බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබේ. එමෙන්ම ඔහු එම ලිපියෙන් සදහන් කර ඇත්තේ තමන් කොළඹ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිළ නිවසේ සිටින බවටයි.

ඊයේ අලූයම කුරුඳුවත්ත පොලීසියට පැමිණි මිය ගිය රියදුරාගේ වැඩිමහල් සොහොයුරා මේ පිළිබඳව කුරුඳුවත්ත පොලීසියට දැනුම් දී තිබෙන අතර කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ නිළ නිවස පරීක්ෂා කිරීමේදී මිය ගිය රියදුරාගේ මළ සිරුර හමුවී ඇත.

රියදුරාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) කොළඹ ජාතික රෝහලේදි පැවැත්වීමට නියමිතයි. හිටපු අමාත්‍යවරයාගේ නිළ නිවසේදී මොහු සිය දිවි හානි කරගෙන ඇත්තේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදී බවට ද අනාවරණ වී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>