සුජීව සේනසිංහට අසභ්‍ය SMS යැවූ අයෙක් දැලේ

null

හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට ජංගම දුරකතනයෙන් අසභ්‍ය එස්.එම්.එස්. පණිවුඩ යැවූ පුද්ගලයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන තිබේ.

මොහොමඩ් ෆවුස් නැමැති මෙම පුද්ගලයාට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට නියම කරනු ලැබ ඇත.

කොල්ලුපිටිය වෙල්සි උද්‍යානයේ අංක 03 පදිංචි සුජීව සේනසිංහ මහතාගේ ජංගම දුරකතනයට අසභ්‍ය සහ තර්ජනාත්මක පණිවුඩ එවන බවට ඔහු විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර එම පැමිණිල්ල අනුව SMS පණිවුඩ එවන ලද ජංගම දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>