සුදුවෑන් රථය මහින්දගේ ආරක්ෂාවට තර්ජනයක්

null

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් පදිංචිව සිටින මිරිහාන ප‍්‍රදේශයේ සැක කටයුතු අන්දමින් සැරිසරමින් තිබු ව්‍යාජ අංක තහඩු සහිත සුදු පැහැති වෑන් රථයේ අරමුණ වහාම විශේෂ පරික්ෂණයක් මගින් හෙළි කරගත යුතු බව ජී. එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

සැක කටයුතු සන්නද්ධ පුද්ගලයින් මෙම වෑන් රථයේ සිටි බවට තොරතුරු ලැබී ඇති බැවින්, විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මෙය සැලකිය හැකි බව හෙතෙම පෙන්වාදෙයි.

ඒ අනුව වහාම මේ පිළිබඳව පරික්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත්, හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පීරිස් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>