සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මර්වින්ට නොතීසි

null

සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිද්ධීන් පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා නොවැම්බර් මස 11 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අද නොතීසි නිකුත් කර තිබේ.

මීට පෙරාතුවද මර්වින් සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණු අතර අද දිනයේ (25) හෙතෙම එලෙස අධිකරණයේ පෙනී නොසිටි බැවින් නොවැම්බර් මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය දා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රහස් පොලීසිය හමුවේ කියා සිටියේ සුදුවෑන්වලින් පැහැර ගෙන යාමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු තමා දන්නා බවයි.

ඒ අනුව 2011 වසරේ මෝදර ප‍්‍රදේශයේ පුද්ගලයන් තුන්දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට ඔවුන්ගේ ඥාතීන් අධිකරණය හමුවේ පවරා තිබූ හබයාස් කෝපස් නඩු 3ක් කැදවූ අවස්ථාවේදී විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම පැහැරගැනීම් වලට අදාළවද යම් තොරතුරක් මර්වින් සිල්වා මහතා විසින් දැනසිටීමට ඉඩඇති බැවින් ඒ පිළිබඳ ඔහු අධිකරණයට කැඳවා ‍තොරතුරු විමසීම වැදගත් බව නීතිඥයින් විසින් අධිකරණයට පෙන්වාදීමෙන් පසු පළමු වරට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මර්වින් සිල්වා මහතාට නොතීසි නිකුත් කර තිබිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>