සුනාමියට අදට වසර 11යි

null

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ලාංකිකයින් 35,000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වුණි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදු පත්ලේ භු කම්පනයක් මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ අතර ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800ක පමණ වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුනි.

රික්ටර් මාපකයේ ඒකක 9.0 ක භූ කම්පනයක් සමගයි සුනාමි රළ පහර හටගත් අතර ජීවිත රැසක් බිළි ගනිමින් පෙරවරු 9.26 ට දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ රැසක මිනිස් ජීවිත සහ දේපළ හානි සිදුකරමින් සුනාමි රළ පහර ගොඩබිම කරා පැමිණියේය.

මේ අතර සුනාමි ව්‍යසනයට වසර 11ක් සපිරීම සහ ඉන් ජීවිතක්ෂයට පත්වුවන් සිහිපත් කෙරෙන සැමරුම අද හික්කඩුව පැරැලියේදී පැවැත්වෙයි.

සුනාමි ව්‍යසනයෙන් මියගිය සහ බලපෑමට ලක්වූ ජනතාව සිහිකර අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවයේ නියැලෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබුණි.

එමෙන්ම අද දිනයේදී දිස්ත්‍රික්ක 25ම මියගිය පිරිස් සිහිකර ආගමික වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>