14 May 2018
සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ වෙළඳපොළට
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉන්ධන වර්ගයක් වන යුරෝ ෆෝ නමැති සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වර්ගය එළබෙන ජූලි මස පළමුවනදා සිට මෙරට ඉන්ධන පිරවුම් හල් වලින් ජනතාවට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරනවා.
ඒ අනුව දැනට අලෙවි කරන සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වෙළඳපොලෙන් ඉවත් කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
මෙම යුරෝ ෆෝ නමැති ඉන්ධන වර්ගයේ කිසිදු අපද්‍රවයක් කලවම් වී නොමැති බවත්, එහි මිල දැනට අලෙවි වන සුපර් පෙට්ට්‍රල් සහ සුපර් ඩීසල් වලට වඩා වැඩි විය හැකි බවත් ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කර තිබෙනව.