සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

1
කළුතර ප‍්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදකයෙකුගෙන් රුපියල් පන්ලක්ෂයක අල්ලසක් ලබා ගත් බවට චෝදනා ලැබූ සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ප‍්‍රධානි රොස්මන් ප‍්‍රනාන්දු අල්ලස් හා දූෂණ කොමිසම මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල නිලධාරියා මිට පෙර අවස්ථාවකදී එම පුද්ගලයාට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම පවසයි. ඉන්පසු එම පුද්ගලයාගෙන් රුපියල් 450,000 ක මුදලක් ලබාගැනීමට හෙතෙම සමත්ව තිබේ.

ඊයේ ඉතිරි රුපියල් 50,000 ලබා ගැනීමට ගිය අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනූව ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවතේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමකට අයත් ආපනශාලාවක් තුළදී ඉතිරි රුපියල් 50,000 මුදල අද දහවල් ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>