සුරාසැල් 349ක් වැසීමට නියෝග

null

සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන සුරාසැල් 349ක් වාහම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි පාසල්, විහාරස්ථාන හෝ වෙනත් ආගමික ස්ථානවලට මීටර 500කට වඩා ලඟින් පිහිටුවා තිබෙන සුරාසැල්වල බලපත‍්‍ර වහාම අවලංගු කරන ලෙසද ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ රැස්වු ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටුව මෙම තීරණයට එළැඹ ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට ද ප‍්‍රමුඛතාව ලබාදිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කරන ලෙසත් ජනාධිපතිවරයා නීතිපතිවරයාට මෙහිදී නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>