සුසාර – මධූ මවුපියන් වෙලා

null

මධූ බෝගහවත්ත, සුසාර දිනාල් සමග විවාහයත් සමග මාධ්‍ය කටයුතු වලින් ඉවත්විය. ඇය එවකට සිරස නාලිකාවේ ජනප්‍රිය නිවේදිකාවක ලෙස කටයුතු කළාය. ඔවුන් මේ වනවිට මව්පියන් වී තිබෙන බවට ආරංචියි.

අලුත් පදවියක් ලැබුණානේ් මොකද හිතෙන්නේ?

ඔව්. මම අම්මා කෙනෙක් වුණා. ගොඩක් සතුටුයි. කවදාවත් නැතිව කාර්යබහුලයි. පුතාගෙ වැඩ කරගෙන සතුටින් ඉන්නවා.

වැඩිපුරම කැමැත්තෙන් හිටියේ පුතෙක් ලැබෙනවටද? දුවෙක් ලැබෙනවටද?

අපිට හම්බෙන පළමු වැනි දරුවා පුතෙක් වෙන්න ඕන, දෙවැනි දරුවා දුවෙක් වෙන්න ඕන කියලා තමයි මම ඉස්සර ඉඳන්ම හිතාගෙන හිටියේ. ඒ විදියටම මට පුතෙක් ලැබුණා.

සුසාරත් පුතෙක්ටද කැමැත්තෙන් හිටියේ?

එයා නම් දුවෙක්ට කැමැත්තෙන් හිටියේ.

දැන් සුසාර මොකද කියන්නේ?

පුතෙක්ද දුවෙක්ද කියන එක එයා දැන් හිතන්නේ නැහැ. එයාටත් ගොඩක් සතුටුයි.

පුතා මධු වගේද සුසාර වගේද?

සමහරු කියනවා පුතා සුසාර වගේ කියලා. සමහරු මම වගේ කියලත් කියනවා. හැබැයි තාම පුතාට සති දෙකයිනේ. ඒ නිසා තාම කවුරු වගේද කියලා හරියටම කියන්න බැහැ.

දැන් මධුට පුතාගෙ වැඩ රාජකාරි ඕන තරම්නේ. සුසාරගෙන් පුතාගෙ වැඩ රාජකාරිවලට කොහොමද ලැබෙන සහයෝගය?

මේ කාලය පුරාම එයා මාත් එක්ක හැම වැඩකදීම ඉන්නවා. සුසාර මේ වගේ වයසක බබෙක් මුලින්ම අතට අරගෙන තියෙන්නෙත් පළමු වැනි වතාවට. ඒත් එයා පුතාගේ වැඩ ගොඩක් කරනවා. හරියට පුරුදුයි වගේ.

පුතා වෙනුවෙන් සුසාර නිදි මරනවද?

ඔව් පුතා රෑට ඇහැරෙනවනේ. මම වගේම එයත් පුතා වෙනුවෙන් නිදි මරනවා.

අම්මයි තාත්තයි දෙන්නම මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධයිනේ. පුතා ඒ පාරේ යනවට කැමැතිද?

මට දුවෙක් ලැබුණොත් එයා මාධ්‍ය ක්‍ෂේත්‍රයට එනවට මම කැමැති නැහැ. මම එයාට නම් මාධ්‍ය ක්‍ෂේත්‍රයට යන්න කියලා බල කරන්නෙත් නැහැ. පුතාටත් එහෙමයි. එයා මාධ්‍ය ක්‍ෂේත්‍රයට යනවාද, දේශපාලනය කරනවද කියන එක එයාගෙ කැමැත්ත. අපි එයාට හොඳ ගමනක් යන්න පාර පෙන්වනවා.

සුසාර දේශපාලනය, මාධ්‍ය වැඩකටයුතු නිසා කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වය නිසා පවුලට වෙන්න ඕන යුතුකම් මඟ හරින්නේ නැද්ද?

නැහැ. එයා හැම දෙයක්ම හරියට හොයලා බලලා කරනවා. එයා දැන් තාත්තා කෙනෙක්. මොන වැඩ තිබ්බත් එයා වගකීම් හොඳට ඉෂ්ට කරයි කියලා මට විශ්වාසයි.

සුසාර දේශපාලනයට සම්බන්ධ වුණාට මධු කැමැතිද?

මුලදී නම් මම එයා දේශපාලන කටයුතු කරනවට කැමැති වුණේ නැහැ. මොකද මම එයාව මුලින්ම දැක්කේ මාධ්‍යවේදියෙක් විදියට. ඒත් දේශපාලනය කරනවට අකමැතියි කියලා මම එයාට කරන දෙයට බලපෑම් කළේ නැහැ.

මධු සුසාරගේ වැඩවලට බලපෑම් නොකළට විවාහයෙන් පස්සේ මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙන්න සුසාර මධුට තහංචි දාන්න ඇති නේද?

නැහැ. එයා මට කිසිම දෙයකට තහංචි දැම්මේ නැහැ.

එතකොට මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වුණේ මධුගෙම කැමැත්තටද?

ඔව්. ඒක මගේ කැමැත්ත අනුව සිද්ධ වුණේ. කොහොමත් එකම මාධ්‍ය ආයතනයක දෙන්නටම ඉන්නත් බැහැ.

නිවේදිකාවක් විදියට මාධ්‍යයෙන් ප්‍රේක්‍ෂකයන් අතරට නැවත එන්න අදහසක් නැද්ද?

දැන්නම් එන්න අදහසක් නැහැ. පුතාගෙ වැඩත් එක්ක කාලය ගත වෙනවා දැනෙන්නේවත් නැහැ. ඒ නිසා පුතාගෙ වැඩ කරගෙන ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

මධු කිව්වනේ දෙවැනි දරුවා දුවෙක් වෙනවට කැමැතියි කියලා. ඒ කියන්නේ පුතාට නංගියෙක් ගේන්නත් අදහසක් තියෙනවද?

ඔව්. පුතාගේ තනියට තව කෙනෙක් ඉන්න ඕන. තනියෙන් හැදෙන කොට දරුවෝ දරදඬු වෙනවා. ඒ නිසා එයාටත් හැමදේම බෙදා හදා ගන්න තව සාමාජිකයෙක් ගේන්න අදහසක් තියෙනවා.

පුංචි පවුල ගැන දකින බලාපොරොත්තු මොනවද කියලත් කියමු?

දැන් අපේ එකම බලාපොරොත්තුව පුතා. එයාව හොඳට බලාගෙන ලොකු මහත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

(තිළිණි කෞශල්‍යා විජේසිංහ)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>