සූදු පොළකදී ගැටුමක්

halawtha

පුත්තලම – මුන්නේෂ්වරම් ප‍්‍රදේශයේ සූදු ක‍්‍රීඩා කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී ඇතිවූ ගැටුමකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙ.

හලාවත – මුන්නේෂ්වරම ප්‍රදේශයේ පවත්වා ගෙන යන මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාකරන ස්ථානයක් සම්බන්ධයෙන් වූ තොරතුරක් හලාවත පොලීසියට ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසියේ නිලධාරීන් අද (29)අලුයම වැටලීම සදහා හලාවත – මුන්නේෂ්වරම ප්‍රදේශයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සූදු ක‍්‍රීඩා කරමින් සිටි පුද්ගලයින් සහ වැටලීමට ගිය පොලිස් නිලධාරින් අතර ගැටුමක් ඇතිවී තිබෙ.

එහිදී හලාවත තුවාල ලැබූ පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂවරයෙකු සහ සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි එක් අයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

එම ස්ථානයේ සිටි සෙසු පිරිස පලාගොස් ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>