සෙබළු 4කට වසර 25 බැගින් සිරදඬුවම්

null

මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට වරදකරුවන් වු යුධ හමුදා සෙබළුන් සිව්දෙනෙකුට යාපනය මහාධිකරණය වසර 25ක සිරදඬුවම් නියම කර තිබේ.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංජෙලියන් මහතා විසින් ඊයේ (07) මෙම දඞුවම් නියම කර තිබේ. එමෙන්ම දූෂණයට ලක්වු එක් කාන්තාවකට රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදලක් ද, අනෙක් තැනැත්තියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙසද විනිසුරුවරයා නියෝග කර ඇත.

2010 වසරේ ජුනි මස 06 වැනිදා විශ්වමඩු ප්‍රදේශයේ දී 27 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම හා 37 හැවිරිදි පස්දරු මවකට බලහත්කාරකම් සිදුකළ බවට විශ්වමඩු යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අදාළ හමුදා සෙබළුන් සිව්දෙනාට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව ඔවුන්ට වසර 25 බැගින් සිරදඬුවම් සහ රුපියල් 35,000 බැගින් දඩ නියම කර ඇති අතර දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර 5ක සිරදඬුවමක් ද නියම කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>