05 Sep 2015
සෙල්ලකතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
සෙල්ලකතරගම – මරු වංගුව අසළ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මිය ගිය පුද්ගලයා සෙල්ලකතරගම – බුත්තල පාරේ පදිංචි 36 හැවිරිදි අයෙක්.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රී 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදුණ තවත් පුද්ගලයෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරුකර යවා ඇත.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.