සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට

null

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

2014 මාර්තු මාසයේ සන්ධාන අපේක්සකයකුට පොලිසියේ දී පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයකු පැහැර ගත්තායැයි ඔහුට එරෙහිව පැමිණිලි කැරඇත.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ඉකුත් වසරේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපලේ නිරික්‍ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේ පිස්තෝලයක් රැගෙන විත් තර්ජනය කළ බව කියන සිද්ධියට ද එරාජ් ප්‍රනාන්දු මහතා සම්බන්ධ බවට වාර්තා වේ.

පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>