සෙල්ෆියක් ගන්න දීපිකාට හිරිහැර කළ රසිකයා
Posted in Entertainment, What's Hot? By Reporter On June 5, 2015මේ වන විට බොලිවුඩ් සිනමාවේ ඉහළින්ම වැජඹෙන නිළියක් තමයි දීපිකා පදුකෝන්. ඇයට හිමිව තිබෙන ජනප්‍රියත්වය නිසාම ඇයට ආදරය කරන රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ලෝකය පුරාම සිටිනවා.
එවැනි රසිකයෙක් නිසා පසුගියදා දීපිකා අපහසුතාවයට පත්වුණ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Dil Dhadakne Do නවතම බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ විය. එහි පළමු තිරගත කිරීම වෙනුවෙන් සහභාගී වූ දීපිකා නැවත පිටව යද්දී රසික රසිකාවියන් ඇයව වට කරගෙන තිබේ.
මෙහිදී එක් පුද්ගලයෙක් දීපිකාගේ අසලටම පැමිණ ඔහු සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින ලෙස ඉල්ලමින් දීපිකා අපහසුතාවයට පත් වන අයුරින් හැසිරී ඇත. එම අවස්ථාවේ දීපිකාගේ ආරක්ෂකයින් එම පුද්ගලයා ඉවත් කිරීමට උත්සහ කරත් ඔහු දිගින් දිගටම දීපිකා අසලට ලංවෙමින් ඉල්ලා ඇත්තේ තමන් සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින ලෙස යි.
කෙසේ වෙතත් අවසානයේ දීපිකා ඔහු සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිට තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම පුද්ගලයා හිරිහැර වෙන ලෙස හැසිරුනත් දීපිකා තම රසිකයන්ගේ හිත නොරිදෙන අයුරින් කටයුතු කල බවයි.
එම අවස්ථාවේ ඡායාරුප පහතින්…