සෙල්ෆි වලට අකමැති හැරී කුමරු

null

මේ දින වල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන බි‍්‍රතාන්‍යය රජ පවුලේ හැරී කුමරු සමග සෙල්ෆියක් ගැනීමට සූදානම් වු ඕස්ට්‍රේලියානු තරුණියකගේ ඉල්ලීමක් කුමරු සුහදශීලිව ප්‍රතික්ෂේප කර තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැරී කුමරු පසුගිය පාස්කු ඉරිදා කැන්බරා නගරයේ වීදිවල සැරිසරද්දී දහස් ගණනක් ඕස්ට්‍රේලියානු වැසියන් ඔහුගේ ඡායාරූප ගැනීමට රැස්ව සිටියහ. මෙම තරුණිය ද ඒ අතර සිට තිබේ.

හැරී කුමරු සමීපයට පැමිණෙද්දී එම තරුණිය නවීන පන්නයේ ජංගම දුරකථන කැමරාවක් මානා ගෙන කුමරු සමග සෙල්ෆි ඡායාරූපක් ගැනීමට සුදානම් වී තිබේ.

එවිට හැරී කුමරු එම තරුණියට ඉතාමත් සුහදව මෙසේ ප්‍රකාශ කර තිබේ…

“සෙල්ෆි මම ප‍්‍රතික්ෂේප කරනවා. මම දන්නවා ඔබ තරුණයි, ඔබ එයට කැමතියි නමුත් සෙල්ෆි සුදුසු නැහැ. මම කැමති සාමාන්‍ය ඡයාරූපවලටයි.”

කෙසේ වෙතත් තරුණියන් ඉතා සුහදව ඇසුරු කරන විනෝදයට බර හැරී කුමරු තරුණියකගේ ඉල්ලීමක් බැහැර කිරීම තරමක් පුදුම සහගත බව විදෙස් මාධ්‍ය පවසයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>