02 Jan 2015
සේමිණී, නිරෝෂා මෛත්‍රීගේ සහයට
රංගන ශිල්පිනි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය සහ ගායන ශිල්පී නිරෝෂා විරාජිනි මහත්මිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඔවුන් දෙදෙනා ඇතුළු තවත් කලාශිල්පින් එක්ව අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය කියාසිටියේ තමන් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය ලබාදෙන්නේ වර්තමානය ගැන මෙන්ම අනාගත දරු පරපුර ගැනද කතා කරමින් බවයි.
නිරෝෂා විරාජිනී මහත්මිය ප්‍රකාශ කලේ රටේ ස්වාධින අයිතීන් උලංඝනය වී රට අගාධයකට ගමන් කරමින් සිටින බවයි.
ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි සහ බෙනට් රත්නායක යන චිත්‍රපට අධ්යක්ෂවරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියේය.