සේයාගේ ඝාතනය ගැන තුන්දෙනෙක් සැකයි

null

කොටදෙනියාවේ සදෙව්මි දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වනු ඇති බවයි.

මේ අතර සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීන් 500කට ආසන්න පිරිසක් දැරියගේ නිවස වටකර තිබේ.

අපරාධය සිදු කර ඇත්තේ ළඟම ඥාතියෙකු බවට පොලිසිය සැක කරන්නේනම් සැකකරු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශවාසීන් අවධාරණය කරයි. මේ අතර දැරියගේ නිවස හා ප්‍රදේශයේ ආරක්ෂාවට අමතර පොලිස් සාමාජිකයින් කැඳැවා ඇති බව පොලිසිය කියයි.

රටම කම්පාවට පත්කරමින් – බරපතල ලිංගික අපයෝජනයට ලක්ව ඝාතනය වූ සේයා සදෙව්මි පුංචි දියණියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>