සේයාගේ ඝාතනය ගැන පාසල් සිසුවෙකුගෙන් ප්‍රශ්න කෙරේ

null

සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර තිබේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසුවේ අදාළ සිසුවා දැරියගේ නිවස අසල පදිංචි අයෙකු බවයි.

කෙසේ නමුත්, පොලිසිය කියා සිටියේ අපරාධය සම්බන්ධයෙන් නිශ්චිත සැකකරුවෙකු මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කර තිබේ.

මළ සිරුරේ තිබී සොයා ගත් හිස කෙස් සහ දැරියගේ ගෙල සිර කිරීමට යොදාගත් බව කියන රෙදි කඩ ඇතුළු නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කර තිබෙන අතර එහි වාර්තාව ද ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇති බව වැඩබලන පොලිස් ප‍්‍රකාශකවරයා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>