සේයාගේ නියම ඝාතකයා කොණ්‌ඩයාගේ අයියා – දැරිය ඝාතනය කළහැටි හෙළිකරයි

null

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ වැඩිමහල් සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා විසින් යෑයි හෙළිකරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මිනුවන්ගොඩ අධිකරණයට ඊයේ (05) දැනුම් දී තිබේ.

සමන් ජයලත් නමැති සැකකරු විසින් සේයා දැරිය දූෂණය කර මරා දමා එය තම සොහොයුරා විසින් කළ බවට පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී ඔහු බේරී යැමට උත්සාහ කළ බව හෙළි වූයේ යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමන් ජයලත් විසින් මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් රුවන් පතිරණ මහතාගේ නිල මැදිරියේදී පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පාපොච්චාරණයක්‌ ලබා දී තිබිණි. ඒ පහත පරිදිය…

“මම එනකොට කාමරේ ලයිට් දාලා තිබුණේ. ඒ වෙලාවේ මට හිතුණා මම අනිවාර්යයෙන්ම මොකක් හරි කරනවා කියලා. ඊට පස්සේ ජනේලය ගාවට ගිහින් ජනෙල් දොර අරින්න හැදුවා. ඒත් එක්කම ජනෙල් දොර අරලා තිබ්බේ. පස්සේ මම ජනේලෙන් ඇතුළට පැන්නා. ඇතුළට පැන්නේ ඇඳට කකුල තියලා. ඒ වෙනකොටත් කට්ටිය නිදි…. පස්සේ හෙමින්ම කාමරේට ගිහින් මම ගේ ඇතුළේ පිහියක් හෙව්වා. ඒත් පිහියක් තිබ්බේ නෑ…

අන්තිමට මට ටිකක් බයක් ආවා පිහියක් නැතුව ගෑනු කෙනා ළඟට ළං වුණොත් එයා කෑ ගහයි කියලා. එහෙම වුණොත් කට්ටිය ඇවිත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතුණ නිසා මම අදහස වෙනස් කරගත්තා… ඒ වෙනකොට ළමයි නිදාගෙන හිටියේ… මම ළමයව අරගෙන යන්න තීරණය කළා.
කොහොම හරි ළමයව වඩාගෙන මම ජනේලයෙන් එළියට පැන්නා… බොහොම අමාරුවෙන් තමයි පැන්නේ… ළමයත් අරගෙන මම කළුවරේම ආවා වෙල පැත්තට… වැලි පාර දිගේ ගිහින් මම වෙල දිගේම ආවා කෙළවරට වෙනකල්… ඇවිත් ළමයව බිම දාලා අතවර කළා. එහෙම කරනකොට ළමයා ඇහැරුණා. ඇහැරිලා කෑ ගහන්න ගත්තා.

හයියෙන් කෑ ගහයි කියලා බයට තමයි ළමයා ඇඳන් හිටිය බැනියම ඇදලා අරගෙන බෙල්ලට තියලා තද කළේ. ඒ එක්කම ළමයා මැරුණා. ඊට පස්සේ ළමයව මම එතැනම තිබ්බ කානුවට විසි කරලා ගඩොල් කපන තැනට ගියා…”

සැකකරු කිහිප වතාවක් සේයාගේ මව රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර ජනේලයෙන් ඈ දෙස බලා ඇත. එහිදී මානසිකව තෘප්තියක් ලැබූ බව පවසා තිබේ. සැකකරු පවසන ආකාරයට නිවෙස්වලට එබි බැලීම තමාගේ සුපුරුදු ක්‍රියාවක් බවට ඔහු පවසා ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයාට යොමු කර ඇති අතර එහිදී ඔහුගේ ශරීරයේ තුවාල කිහිපයක් තිබෙන බවට හඳුනාගෙන ඇත. එහිදී හෙළි වී ඇත්තේ දරුවා විසින් පහරදීමේ දී ඇති වූ තුවාල බවද ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු සහ දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා යන අය ලබන 19 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ඊයේ නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>