සේයාගේ පියාගේ සහ කොණ්‌ඩයාගේ අයියාගේ DNA වාර්තා අද උසාවියට

null

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් කොණ්‌ඩයාගේ අයියාගේ සහ දැරියගේ පියාගේ ඩී. එන්. ඒ. පරීක්‍ෂණ වාර්තා අද (13) අධිකරණය වෙත යෑවීමට කටයුතු කරන බව ජින්ටෙක්‌ ජාන තාක්‍ෂණ ආයතනයේ ප්‍රධානී අණක වෝහාරික ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පවසා තිබේ.

දැරියගේ පියා ඩී. එන්. ඒ. පරීක්‍ෂාවකට ලක්‌කර ඇත්තේ දැරියගේ පීතෘත්වය ඇතුළු වාර්තා කිහිපයක අවසන් වාර්තාවට ඇතුළත් කිරීමට නියමිත නිසාය.

කොණ්‌ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත් නමැත්තා මෙම ඝාතනයට සම්බන්ධ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබූ අතර ඒ අනුව සමන් ජයලත් ඩී එන් ඒ පරීක්‍ෂණයක්‌ සඳහා යොමුකර තිබිණි.

මේ අතර මෙම ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුරු වන ප්‍රබල සාක්‍ෂියක්‌ ලැබී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

විවිධ අපරාධ සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වසර 6 කට ආසන්න කාලයක්‌ බන්ධනාගාර ගතව සිටි අයෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>