සේයා ඝාතකයාගේ සම්පූර්ණ පාපොච්චාරණය මෙන්න

null

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපරාධයකට ලක් කර ඝාතනයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කර තිබේ.

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි සැකකරු ගම්පහ – බෙම්මුල්ල – බදුලූවතුගොඩ ප්‍රදේශයේදී පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබුවේ කැලයක සැඟව සිටියදී ය.

මොහු රාත්‍රි කාලයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහනේ සිටින අයුරු බලමින් සතුටුවීමේ මානසික උන්මාදයකින් පෙළී ඇති බවත්, ඒ අයුරින් සේයාගේ නිවසට එබිකම් කර බැලීමේදී දැරිය සිය මව සමග නිදාගෙන සිටින අයුරු දැක දැරිය කෙරෙහි ආසාවක්‌ ඇතිවූ බවත් පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් කර තිබේ.

සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේ පාපොච්චාරණය කර ඇත.

“මම රෑ වෙලා අක්කලාගේ ගෙදර යන්නයි ආවේ. මේ වෙනකොට ඔය ගෙදර කාමරයේ ලයිට් දාලා තිබුණා. මම ජනේ‍ලේ ඇරලා බැලුවා. එතකොට ළමයයි එයාගේ සහෝදරයෝ දෙන්නයි අම්මයි එකට නිදාගෙන හිටියා. මම ජනේලෙන් පනින්න හැදුවත් මට බය හිතුණ හින්දා මම ගෙදර ඉස්සරහ පැත්තට ගියා. ගිහිල්ලා ඉස්සරහ දොර ඇරලද කියලා බැලුවා. ඒ වෙනකොට දොර ඇරලා තිබුණේ. මම ගේ ඇතුළෙන් කාමරේට ගියා.මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්‌ටෙ අස්‌සේ ගසා අතවර කරන්න ලෑස්ති උනා.

ඒත් ළමයා නින්දෙන් දඟලපු නිසා මම ළමයාවත් වඩාගෙන එළියට ආවා. ගිහිල්ලා මඳ දුරක් එනකොට ළමයාට එකපාරටම ඇහැරුණා. එහෙම ඇහැරිලා දඟලන්න ගත්තා. දරුවා නැගිටියි කියලා බය වෙච්ච නිසා මම ළමයාගේ බෙල්ලට බැනියම දාලා තද කළා. ඊට පස්සේ ළමයා දැඟලුවේ නැහැ. මම හිතුවේ මැරුණා කියලා. එහෙම අරන් ගිහිල්ලා තමයි අතවර කළේ.

ඊට පස්සේ තමයි ආයෙත් බෙල්ල තද කරලා මැරුවේ. දරුවා මරලා කැ‍ලේට දාලා අක්කලාගේ ගෙදර නොගිහින් ගම්පහ ගෙදර ගියා. පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා “උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක්‌ අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා” කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා.”

අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ චර්යාවන් පිළිබඳවද තොරතුරු රැසක් රහස් පොලීසිය වෙත හෙළිකර ඇති බව සඳහන්. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි පොලිසිය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>