සේයා ඝාතනයට සැකකළ සිසුවා පොලීසියේදී නිරුවත් කර ෆොටෝ අරන්ලු

null

සේයා සදෙව්මි දැරි‍යගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ‍රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 17 හැවිරිදි පාසල් සිසුවා සහ 33 හැවිරිදි දෙදරු පියා අද නිදහස් කර තිබේ.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩුව කැඳවූ අතර එහිදී අනාවරණය වුයේ, 17 හැවිරිදි පාසල් සිසුවාගේ හා ඔහු සමග අත්අඩංගුවට ගත් 33 හැවිරිදි පුද්ගලයාගේ ඩී.එන්.ඒ. සාම්පල සේයාගේ ‍සිරුරේ තිබී සොයා ගත් ආදර්ශ සාම්පල සමග නොගැ‍ළපෙන බව ය.

පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් රණසිංහ මහතා පැවසූයේ පොලිසිය මේ ළමයාට පහරදී ඇති බවයි. ඔහු වැඩි දුරටත් මෙසේ පවසා තිබේ…

‘ඔහු පොලිසියේදී නිරුවත් කර ඡායාරූපද ගෙන තිබෙනවා. එයත් ළමා හිංසනයක්. එය කර ඇත්තේ නීතිය රකින්නට සිටින පොලිසියයි. ඒ ළමයාගේ අයිතිවාසිකම් පොලිසියෙන් කඩකර තිබෙනවා. ළමයාට විරුද්ධව කිසිම සාක්කියක් නෑ. රහස් පොලිසිය ඒ බව ප්‍රකාශ කළා. ජාන තාක්ෂණ වාර්තාවෙනුත් මේ බව තහවුරු වෙනවා. ඇයි මෙහෙම කරන්නේ. ඒ ළමයාගේ අනාගතය නැති කළා. එය කළේ පොලිසියයි. ළමයා අත් අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළ ආකාරයත් ඔහු නිදහස් කරන දවසේ පොලිසියේ හැසිරීමත් පුදුම සහගතයි. ඔහු නිදහස් කරන බව ළමයාගේ අම්මවත් දන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ’

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>