14 Oct 2015
සේයා ඝාතනයේ අවසන් DNA වාර්තා අධිකරණයට
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ප්රධාන සැකකරුවා වන කොණ්ඩයාගේ සොහොයුරු සමන් ජයලත්ගේ සහ එම දැරියගේ පියාගේ ඞී.එන්.එ්. පරීක්ෂණ වාර්තාව අද මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එ් පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ ජින්ටෙක් ආයතනය ප්රකාශ කර ඇත්තේ ඊයේ (13) පස්වරු හය පමණ වන විට අදාළ පරීක්ෂා කිරීම් අවසන් වූ බවයි.