සේයා ඝාතනයේ ‘කොණ්ඩයාට’ මානසික රෝගයක් නැහැ
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාට මානසික ව්‍යාධියක් නැතැයි වෛද්‍ය පරීක්ෂණයකින් ප්‍රකාශ වී තිබේ.
මීගමුව රෝහලේදී ඊයේ පැවැති වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව ඒ බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ සදහා අදාළ සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (26) ඉදිරිපත් කෙරෙන බව පොලිසිය පවසයි.
සේයා දැරිය ඝාතනය කළ බව කියන දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගැණුනේ ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 23වැනිදායි. පසුව ඔහු විසින් පාපොච්චාරණයක්ද කළේය.
සේයා සදෙවුමි දැරිය පැහැරගෙන ගෙන යාමට වසරක පමණ කාලයක සිට උත්සාහ දරමින් සිටි බවත්, අදාළ දිනයේ නිවසට ඇතුළුවීම සඳහා පැය ගණනාවක් නිවස තුළ සිදුවන දෑ බලමින් අවට සැඟවී සිටි බව පවසා ඇති ඔහු සිව් වතාවක් පැමිණ බලාපොරොත්තු ඉටු නොවුණු නිසා ආපසු හැරී ගිය බවත් ඇය පැහැරගෙන යෑමට අවස්ථාව ලැබුණේ පස්වෙනි වතාවට බවත් එහිදී සඳහන් කර තිබේ.
මෙම පුද්ගලයා තරුණ වියේදී තරුණියන් කිහිප දෙනෙකු සමඟම ප්‍රේම සම්බන්ධකම් පැවැත්වීමට උත්සාහ කළත් ඊට අවස්ථාවක් නොලැබී ඇති බවද පැවසේ.