සේයා ඝාතනයේ පරීක්ෂණ අවුල් වීමට හේතුව

null

සේයා සදෙව්මි දියණියගේ ඝාතනය පිළිබඳ මූලික පොලිස් පරීක්ෂණ අවුල් වීමට හේතුව එම ඝාතනයෙන් පසුව දේශපාලනඥයන්, මාධ්‍ය, උසස් පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ පිරිස් එම පරීක්ෂණ පැවැත් වූ පහළ මට්ටමේ පොලිස් නිලධාරීන්ට කළ බරපතල බලපෑම බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මෙවැනි ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී විද්‍යාත්මක සාක්ෂි වඩාත් වැදගත් වන බවත්, එහෙත් විද්‍යාත්මක සාක්ෂි කඩිනමින් තහවුරු කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකාව සතුව තාක්ෂණික පහසුකම් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා මෙම පරීක්ෂණ කටයුතු යම් මට්ටමකින් ප‍්‍රමාද වූ බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

“පසුගිය කාලේ මේ වගේ දරුණු අපරාධයක් වුනාම කව්රු හරි අත්අඩංගුවට ගන්නවා. මිනිහට විරුද්ධව සාක්කි හදනවා. ඊට පස්සේ සැකකාරයා ආයුධ පෙන්නන්න එක්ක යනවා. එහෙම නැත්නම් ඔරුවක නැගලා යද්දී සැකකාරයා මාංචු පිටින් ගගේ පනිනවා. මේ වගේ කෙටි ක‍්‍රම හරහා තමයි ඒ කාලේ අපරාධකාරයන් කියන අයට දඩුවම් දුන්නේ.

මේ වගේ කෙටි ක‍්‍රම වලට තමයි අපේ පොලිස් නිලධාරිනුත්, ජනතාවත් ඇතුලු සියලු දෙනාත් හුරුවෙලා හිටියේ. දැන් ඒවා බෑනේ. නියම විදිහට සාක්ෂි සහිතව අපරාධකරුවන් අල්ලාගන්න අපේ අයට තාම හුරු නැහැ.

මේ සිද්ධියේදී පරීක්ෂණ පැවැ ත්වූ පහල නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල වුණා. ඒ බලපෑම් එල්ල වුනේ දේශපාලනඥයන්ගෙන් මාධ්‍යවලින් ඒ වගේම උසස් පොලිස් නිලධාරීන්ගෙන්. මේ හේතු නිසාත් අර කලින් පූර්වාදර්ශ දී තිබූ අපරාධ විසඳීමේ ‘ෂෝට් කට්’ වලට යන්න නොහැකි වීමත් නිසා මෙහි මූලික පරීක්ෂණ අවුල් වුණා. ඒ නිවැරදිව විද්‍යානුකූලව කටයුතු කරන්න ගිය නිසා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>