සේයා ඝාතනයේ මුල් සැකකරුවන් යලි රිමාන්ඩ්

null

කොටදෙණියාව ‘‘සේයා සදෙව්මි’’ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යළි ඔක්තෝමබර් මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

එහිදී පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ සැකකරුවන් සම්බන්ධයෙන් වන ඞී.එන්.ඒ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.

මේ අතර, 17 හැවිරිදි සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිස් අත්අඩංගුවට සිටියදී සිසුවාට පහරදීමක් සිදුව ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර වාර්තාවක් ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත‍්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ අදාළ එම වාර්තාව ලබාදෙන ලෙසට නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>