සේයා ඝාතනයේ වගකීම කොණ්ඩයාගේ සහෝදරයා බාරගනී

null

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් ප්‍රකාශ කර තිබේ.

අද දිනයේ අදාළ සැකකරු අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව පැය දෙකට අධික කාලයක් මහේස්ත්‍රාත් නිල නිවසේදී අදාළ පාපෝච්චාරණය සිදුකර ඇති බව සඳහන්ය.

පසුගිය සෙනසුරාදා මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත් අද මුල් වරට අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොණ්ඩයා නැමැත්තා බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට රැගෙනවිත් තිබුණි.

මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්ඩයා නැමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත් අධිකරණයේදී කියා සිටියේ තමන්ට ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්චාරණයක් සිදුකිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව තම නිල මැදිරිය වෙත සැකකරුව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කර ඇත.

එසේම ඔහු සම්බන්ධයෙන් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට ද විනිසුරුවරයා අවසර ලබාදී තිබේ.

දැනට අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයා නැමැත්තාගේ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු ඔහුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>