සේයා ඝාතනය කළ බව සමන් උසාවියේදී පිළිගනී

null

කොටදෙණියාව ප්‍රදේශයේ පස්හැවිරිදි සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවරකර මරා දැමීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සමන් ජයලත් නැමැත්තාට එරෙහිව නීතීපතිවරයා ඊයේ (23) මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකළ අවස්ථාවේ දී ඔහු සියලු චෝදනවලට වරද පිළිගෙන තිබේ.

2015 සැප්තැම්බර් 11 වැනිදා සිය නිවසේ නින්දේ පසු වූ සේයා සදෙව්මි දැරිය භාරකාරත්වයෙන් පැහැරගෙන ලිංගික අතවරයකට ලක්කිරීම, දූෂණය කිරීම සහ පසුව ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත් නමැත්තා අධි චෝදනා ලබා ඇති නමුත් මහාධිකරණ නීතිය අනුව මිනීමැරීමේ චෝදනාවට වෙනම නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය විසින් තීරණය කරන ලදී. එම නඩුව ජූරි සභාවක් නොමැතිව පැවැත්වීමට විත්තිකරු ඊයේ එකග විය.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් නීතීඥයින් කිසිවෙකු පෙනී සිටින්නට මුලින් සූදානමක් තිබුනේ නැති නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ චතුර අමරතුංග අධිකරණය මගින් පත්කර තිබුණි.

සමන් ජයලත් ඊයේ වරද පිළිගත්තද ඔහුට දඬුවම් පැනවීමක් සිදුවූයේ නැති අතර ඒ සම්බන්ධ නඩු විභාගය 2016 ජනවාරි මස 25 දා සිට දිනපතා විභාග කරනු ඇති බවත් වාර්තා විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>