සේයා දැරියගේ ඝාතකයා පාපොච්චාරණය කරයි – මළසිරුරකටත් අතවර කරලා

null

ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි දැරිය දූෂ්‍ය කොට ඝාතනය කළේ තමන් බව ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු විසින් පාපොච්චාරණය කර ඇති බව වැඩබලන ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රහස් පොලීසිය හමුවේ පාපොච්චාරණයක් කරමින්, තමන් දැරිය ඝාතනය කළ බව පවසා ඇතැයි වාර්තා වේ.

සේයා ‍සදෙව්මි දැරිය සිය මව ඇතුළු පවුලේ සාමාජිකයින් සමග පසුගිය 10 වැනිදා රාත්‍රී නිදා සිටියදී අතුරුදන්වීමෙන් පසු ඇයගේ නිරුවත් මළ සිරුර හමුවන්නේ 12 වැනිදා උදෑසන නිවසට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ඇළ ඉවුරක තිබියදීය.

මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ බරපතළ ලිංගික අතවරයක් කිරීමෙන් පසු ඇයගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි හා 33 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබිණ.

කෙසේ වුවද ඊයේ අත්අඩංගුවට ගත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු දැරියට අතවර සිදුකිරීමෙන් පසු ඝාතනය සිදුකළ බව පවසා ඇතැයි සඳහන්ය.

ඒ අනූව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සැකකරුවන් දෙදෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් බාල සොහොයුරා මෙම ඝාතනය සිදුකළ බව පාපොච්චාරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු නමින් ‍”කොණ්ඩයා” ලෙසද අන්වර්ථ නාමයකින් හඳුන්වන බව පැවසෙන අතර සොහොයුරන් වන ඔවුන් වනචාරීන් ලෙස හැසිරෙමින් ජීවත් වූ බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

දැරියන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීම, මියගිය තරුණියකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීම වැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන මෙම අපරාධකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැකකිරීමෙන් පසු පරීක්ෂණ ඇරඹීය.

ඒ අනූව මෙම සැකකරුවන් දෙදෙනා කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි බවත් ‍මොවුන් එම ප්‍රදේශයට නිතර ආ ගිය බවත්, පැවසෙයි.

අදාළ නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ නිවස ආසන්නයේය.

එම සැකකරුගේ සොහොයුරා වන අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීය.

අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස්‌ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ යැයි හෙළි වී ඇත.

ගම්පහ ප්‍රදේශයේ මියගිය 26 හැවිරිදි තරුණියකගේ සිරුර වළ දැමීමෙන් පසු මෙම සොහොයුරන් දෙදෙනා එම සිරුර ගොඩගෙන ඊට අතවර කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

කුලීවැඩ කරමින් ජීවත් වී ඇති මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක්‌ පවා පරිහරණය නොකරන බව පැවසෙන අතර වැඩිමහල් සහෝදරයා සමන් ලෙසත් අනෙකා දුලේෂ් ලෙසත් හඳුනාගෙන ඇත.

සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනූව පොලිස්‌ නිලධාරීන් මෙම සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.

මොවුන් දෙදෙනා හිටිහැටියේම එම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනයට හේතුවක්‌ වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සොහොයුරන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර මුලින්ම වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මොවුන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරියගෙන්ද ප්‍රශ්න කිරීමේදී වැදගත් සාක්‍ෂි රැසක්‌ හෙළිදරව් වී ඇතැයි පැවසේ.

මේ අතර සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන බාල සොහොයුරාද ගම්පහ, බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

එහිදී සැකකරු කැලෑවක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිණ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ කැලෑව වැටලූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ඇතුළුවී සැකකරු ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේම ගම්පහදී වළදැමූ තරුණියගේ සිරුර ගොඩගෙන දූෂණය කළ ස්‌ථානය වෙත සැකකරු රැගෙන ගිය පොලිසිය එම ස්‌ථානයද පරීක්‍ෂා කර ඇතැයි කියැවේ.

පසුව සැකකරු ගෝනියකින් වසා ඔහු ඩිපෙන්ඩර් රථයකින් රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කරන ලදී.

මෙම සැකකරුවන් දෙදෙනා සේයා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ දැයි සෙවීමට පොලිසිය විද්‍යාත්මක සාක්‍ෂි ලබා ගනිමින් සිටින බව පොලිස්‌ ආරංචිමාර්ග කියයි.

මොවුන් විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන අය බවද කියැවෙයි.

සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ සවස ඔවුන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙනැවිත් තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට රහස් පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියි.

සේයා දැරියට අත්වූ ඉරණම සම්බන්ධයෙන් ඉකුත් දිනවල සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට යොමුවූයේ මෙම සිද්ධිය ජනමාධ්‍ය මගින් වාර්තා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.

අදාළ වාර්තාකරණය සම්බන්ධයෙන් හොඳ මෙන්ම නරකද සමාජයෙන් අසන්නට ලැබෙන්නේ එවැනි පුවත් මගින් සමාජය දැනුවත් කිරීමට, දරුවන් ගැන සැලකිල්ලක් නොදක්වන මව්පියන්ගේ දෑස් ඇරීමට මාධ්‍ය විසින් දරනු ලබන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියේ ක්‍රියාකලාපය ගැනද චෝදනා එල්ල වෙමින් තිබීම තුළ එය වාර්තාකරණයේ නියැළි මාධ්‍යයට ද දොස් නැගෙන්නේ නැතැයි කිව නොහැකිය.

කෙසේ හෝ දැරියගේ ඝාතකයින් බව කියන සැකකරුවන් මේවන විට අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබියදී මව්පියන් වශයෙන් දරුවන් ගැන මීට වඩා අවධානයකින් සිටිය යුතු බවට සේයා දැරිය පැහැර ගැනීමට අදාළ පුවත ඇසූ දුටු කාටත් වගකීමක් ඇති බව අවධාරණයෙන් කීමට සිදුවේ.

(අද දෙරණ)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>