සේයා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවා ගැන පොලිසිය කතාකරයි
සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවාගේ අත්අඩංගුවට ගැනීම මුල්කර ගනිමින් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.
එම දරුවාගේ මව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ තම දරුවා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහුගේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල වූ බවත්, එබැවින් සාධාරණ වන්දියක් ඉල්ලා නඩු මගට පිවිසෙන බවත් ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේ පොලිසියට චෝදනා එල්ල වුවද පොලිසිය කිසිවෙකුගෙන් හෝ සමාව ලබාගත යුතු නැති බවයි.
එසේම සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ඇති වූ සාධාරණ සැකයක් මත බවත්, ඒ සිද්ධිය වූ ස්ථානය, පරිසරය හා නිවෙස්වලින් දකින්නට අසන්නට ලැබුණු තොරතුරු මත යැයි ඒ මහතා පැවසීය.
කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයක් වූයේ දැරිය ඝාතනය සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ හිස් ආවරණ නොකර උසාවියට ගෙනයාමත් පසුව අත්අඩංගුවට ගත් සැකකරු හොඳින් ආවරණය කර උසාවියට ඉදිරිපත් කිරීමත් අතර වෙනස කුමක්ද යන්නයි.
එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ඇති වූ වාතාවරණය හමුවේ අවස්ථානූකූලව කටයුතු කිරීමට සිදුවූ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන සොයා ගත් බවයි පොලිසිය මීට පෙර ප්‍රකාශ කළ අතර ඝාතනය සම්බන්ධයෙන් නොවුණද අසභ්‍ය දර්ශන සොයා ගැනීම සම්බන්ධයෙන් සැකකාර සිසුවාට එරෙහිව නඩු පැවරිය හැකි බව පොලිසිය කියා සිටියේය.