සේවිකාවට පහරදුන් විනිසුරු කටඋත්තරදීම ප්‍රතික්ෂේප කරයි

null

සේවිකාවකට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා පොලීසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ විනිසුරුවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක තමාට පහරදුන් බව පවසමින් පසුගිය 26 වනදින ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ(29) පස්වරුවේ පොලිස් කණ්ඩායමක් එම විනිසුරුවරයාගේ නිවසට ගොස් ඇති අතර පැය තුණක් පමණ සිටියත් විනිසුරුවරයා ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය කියයි.

ඔහු පවසා ඇත්තේ තම නීතීඥවරයාගේ උපදෙස් පරිදි ප්‍රකාශයක් කළ නොහැකි බවයි. විනිසුරුගේ නිවසේ තවත් සේවිකාවකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.

පෙර පළවූ පුවත පහතින්…

උසාවියේ ලොකු නිලධාරියෙක් සේවිකාවට ගහලා

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>