07 Nov 2015
සෝභිත හිමිගේ සෞඛ්‍ය තත්ත්වය බරපතලයි
අසනීප තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තත්ත්වය බරපතල වෙමින් පවතින බව හිරු නිව්ස් වාර්තා කරයි.
කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 03 වනදා රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළේය.
එදින මධ්‍යම රාත්‍රී 12ට පමණ සිංගප්පූරුවෙන් ගෙන්වන ලද විශේෂ ගුවන් යානයකින් සෝභිත ස්වාමීන් රෝහල්ගත කිරීම සදහා රැගෙන ගියේ විශේෂඥ වෛද්‍යවරයෙකු ද සමගයි.
මේ වන විට මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රතිකාර ලබන සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ සෝභිත හිමියන්ගේ තත්ත්වය බරපතල වෙමින් පවතින බවයි.