සෝභිත හිමියන්ගේ දේහය ලංකාවට වැඩම කෙරේ

null

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (08) රාත්‍රියේ ශ්‍රීලංකාවට වැඩම කරවනු ලැබ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL309 විශේෂ යානය – රාත්‍රී 9.00ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවනු ලැබුවේය.

හෙට උදෑසන සිට එළඹෙන බ්‍රහස්පතින්දා දින දක්වා ‍පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ නිසළ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාව වෙනුවෙන් කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ තැන්පත් කොට තිබේ.

ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>