සෝභිත හිමියන් අද දැයෙන් සමුගනියි

null

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අදාහන පූජෝත්සවය අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට මේවනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය අද පස්වරු 1.30ට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ සිට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත රැගෙන එන අතර පස්වරු තුනට ආදාහන පූජෝත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් සහ මස් අළෙවිසැල් වසාදැමීමට නියෝග කර ඇති බව සඳහන්ය.

එමෙන්ම බස්නාහිර පළතේ සියලු පිරිවෙන් අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සියලු චිත්‍රපට ශාලාද වසාදැමීමට නියෝග කර ඇත.

එමෙන්ම සියලූම රාජ්‍ය ආයතනවලද අද දිනයේදී ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසද රජය ඉල්ලා සිටි.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් අද දිනයේ විශේෂ රථවාහන සැළසුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>