සෝභිත හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට

null

කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබේ.

ඊයේ රාත්‍රීයේ උන්වහන්සේ සිංගප්පූරුව මවුන්ට් එලිසබත් රෝහලට ඇතුළත් කිරීමට කැටුව ගිය බව කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ ස්වාමීන්වහන්සේ නමක් සඳහන් කළේය.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ පසුගියදා හෘද ශග්‍ය කර්මයකට ලක් කෙරුණු අතර අනතුරුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

වෛද්‍ය නිර්දේශ මත උන්වහන්සේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට සිංගප්පූරුව වෙත කැටුව ගිය බවත්, සෝභිත හිමියන් සමග අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයෙකු ද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවත් සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>