සෝමවංශ සහ වීරවංශ යළි එක්වෙයි

null

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු 1988, 89 යන වසරවලදී මියගිය එම පක්‍ෂයේ සාමාජිකයින් වෙනුවෙන් පක්‍ෂ දෙකක් එකම වේලාවකදී ස්ථාන දෙකක සැමරුම් උත්සව සංවිධාන කර තිබේ.

මෙලෙස පැවැත්වෙන්නේ 26 වන ඉල්මහ සමරුවයි.

සෝමවංශ අමරසිංහ මහතා නායකත්වය දරණ ජනතා සේවක පක්‍ෂය විසින් සංවිධාන කරන ලද ඉල්මහ සමරුවක් ඊයේ (12) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විය.

එහි විශේෂත්වය වුයේ එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා සහභාගිවීමයි.

සෝමවංශ අමරසිංහ මහතා එහිදී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ සෝමවංශ – වීරවංශ එකතුවක් ගැන දැන් කතා වන බවයි. එසේ වීමට හේතුව සතුරා විසින් අපව එකතු කිරීම යැයි ඒ මහතා පෙන්වාදුන්නේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>