සෞඛ්‍ය වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මකයි

sricke

තම ගැටළුවලට සෞඛ්‍ය බලධාරීන් පිළිතුරු ලබානොදීම හේතුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩවර්ජනය අද (29) සිව්වන දිනටත් කි‍්‍රයාත්මක කරන බව වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසයි.

එහි ප්‍රධාන ලේකම් සමන් ජයසේකර ප‍්‍රකාශ කර ඇත්තේ සිය ගැටළුවලට පිළිතුරු ලබාදීම සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම මඟ හරින්නේ නම් වර්ජන කි‍්‍රයාමාර්ගය දැඩි කිරීමට සිදුවන බවයි.

මේ අතර, ජිනීවා සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් වෘත්තීය සමිතිවලින් ඊයේ ඉල්ලා සිටියේ ඉල්ලීම් සම්බන්ධයෙන් සියලූ කටයුතු ඉටුකරමින් පවතින අවස්ථාවක අසරණ රෝගීන්ගේ ජීවිත ගැන සිතා වර්ජනය අවසන් කරන ලෙසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>