සෞඛ්‍ය වර්ජනය පැය 48ට අත්හිටුවයි

stricke

අද පස්වරුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වැඩ වර්ජනය ත‍ාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව දින පහක් පුරා දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක වූ පරිපුරක වෛද්‍ය වැඩවර්ජනය අද උදෑසන අටේ සිට පැය 48 ක කාලයක් අත්හිටුවීමට පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලීමි සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර නිසි පිළිතුරක් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

සැප්තැම්බර් පළමු වන සදුදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡුාවට අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග සැලසුම් කරන බව එම බලමණ්ඩලය සදහන් කරයි. හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාව තීරණාත්මක එකක් වනු ඇති බව එම බලමණ්ඩලයේ භාණ්ඩාගාරික අජිත් තිලකරත්න මහතා පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>