සෞදියේදී මියගිය සඳිනිගේ මරණය සැකසහිතයි

null

සෞදි රාජ්‍යයේදී හදිසි අනතුරකට ලක්වීමෙන් මියගිය බවට පවසමින් පසුගිය 04 වනදා මෙරටට රැගෙන ආ ගෘහ සේවිකාවකගේ මරණය සැක සහිත බව ඇයගේ ඥාතීන් පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පසුගිය මාර්තු 06 වන දා සෞදි අරාබියට රැකියාවට ගිය රාගම ගල්වලවත්තේ පදිංචි වී සිටි සදිනි නිශාන්ති නමැති 33 හැවිරිදි දෙදරු මවකි.

කෙසේ වෙතත්, හදිසියේ මියගිය ඇයගේ මෘත දේහය පසුගියදා මෙරටට ගෙන එනු ලැබ තිබේ. සෞදි අරාබිය නිකුත් කළ ඇයගේ මරණ සහතිකයෙන් දැක්වෙන්නේ හදිසි අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්වූ බවයි.

සඳිනිගේ මරණය පිළිබඳව සැක ඇති කර ගන්නට ඇගේ ඥාතීන්ට හේතුවක් වී ඇත්තේ ඇය සේවය කළ නිවසේ තවත් සේවකයෙකු දුන් තොරතුරකි. ඒ පිළිබඳව සඳිනිගේ මව මෙසේ ප්‍රකාශ කර ඇත.

“මට ඩ්‍රයිවර් කෙනෙක් කතා කරලා කිව්වා දුවට ගහලා. ගහන කොට එයා එලියට පැන්නා. එලියට පනිද්දි පාරේ මැද්දේ දාගෙන ගහලා මගේ දුවට ගහලා ඒ බාබාගේ කාර් එකෙන්ම තමයි හැප්පුවෙ කියලා තමයි කිව්වේ මට.”

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා සඳහන් කර ඇත්තේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට වන සාක්ෂි තම කාර්යාංශය සතුව ඇති බවයි.

“විදේශ නියුක්ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය උපදෙස් ඇතුව මේ පිළිබඳව සම්පූර්ණ සොයා බලලා තියෙනවා, ඒ වගේම සෞදි තානාපති කාර්යාලය මේ පිලිබඳව ‍ඉතාම පැහැදිලිවම සොයා බලලා සියල්ලම වාර්තාව ලංකාවට එවලා තිබෙනවා මේ සැක සංකාවන් කිසිවක් සත්‍ය නොවේ.ඒවා සියල්ල කාර්යංශය ප්‍රතික්ෂේප කරනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>