සෞදි ගිය තිදරු මව සමූහ දූෂණයට ලක්වෙයි

null

සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී නිවසේ හාම්පුතා ඇතුළු එම නිවසේ පදිංචි තවත් දෙදෙනෙකු අතින් අවස්ථා කිහිපයකදි දූෂණයට ලක්වු බව කියන තිදරු මවක් රෝහල් ගත කර තිබේ.

මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් ඉකුත් වසරේ ගෘහ සේවයට ගොස් ඇති බගවන්තලාව රෝබිගිල් වතුයායේ පදිංචි 33 හැවිරිදි මෙම තිදරු මව මෙම ලිංගික අතවර හේතුවෙන් තමන් විදින පිඩා හමුවේ ඉකුත් නොවැමිබර් මාසයේ දිවයිනට පැමිණ තිබේ.

පසුව අදාල ඒජන්සියට ගොස් මේ පිළිබඳව දන්වා, එම කාන්තාව බගවන්තලාව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

එහිදී එම කාන්තාව නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ.

එම වෛද්‍ය වාර්තාවත් සමග මෙම පැමිණිල්ලේ වැඩිදුර විභාගය සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිසිය වෙත යොමුකරන බව බගවන්තලාව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>