23 Jan 2015
සෞදි රජු මියයයි – වත්කම කෝටි 64000
සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුලාසිස් රජු අද අලූයම අභාවප්රාප්ත විය. ඔහු පෙනහළු ආබාධයකට ලක්ව රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටින විට මෙලෙස මියගොස් තිබේ.
1924 වසරේ අගෝස්තු 1 වැනි දින අබ්දුල්ලාසිස් රජුගේ දසවැනි පුතු ලෙස උපත ලැබූ අබ්දුල්ලා රජු 2005 වසරේදී සෞදියේ 6 වැනි රජු ලෙස කිරුළු පැළදුවේය.
ඔහුගේ වත්කම ඩොලර් කෝටි 1800 (රුපියල් කෝටි 63244) ලෙසද සඳහන්ය. බිරියන් 11 දෙනෙක් හා දරුවන් 16 ක් ඔහුට සිටී. මිය යන විට 90 හැවිරිදි වියේ පසුවූ අබ්දුල්ලා රජුගෙන් පසු ඔහුගේ සොයුරු සල්මන් සෞදි රජු බවට පත්වේ.