හඳුන්කූරු දුම සිගරට් දුමටත් වඩා විෂ බව හෙළිවේ

null

හඳුන්කුරු,කට්ටකුමන්ජල් ආදියෙන් නිකුත් කෙරෙන සුවඳ දුම් සිගරට් දුමට වඩා මිනිස් සිරුරේ සෛල වලට විෂ සහිත විය හැකි බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී ඇත.

සුවඳ දුම් සිගරට් දුමට වඩා ජාන විපර්යාසකාරක, ජානවලට විස සහිත හා සෛලවලට විෂ සහිත වීමේ හැකියාවක් පවතින බව එම පර්යේෂණ සිදු කළ විද්‍යාඥයින් හඳුනා ගෙන තිබේ.

එහි සරල අර්ථය නම් සුවඳ දුම් ආඝ්‍රාණයෙන් ජානමය විපර්යාසයක් සිදු වන බවයි. ඉන් සෛලවල ජාන වෙනස්කම් ඇතිවෙයි. මේ සියල්ල පිළිකා හටගැනීමකට හේතුකාරක වන බව එම අධ්‍යයනය අනතුරු අඟවයි.

සිය අධ්‍යයනය ලොව පුරා හඳුන්කුරු හා සුවඳ දුම් නිෂ්පාදනයෙහි අගැයුමකට හේතුකාරක වනු ඇතැයි පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.

නව අධ්‍යයනය ගැන කරුණු දක්වන බ්‍රිතාන්‍ය පෙනහළු පදනමේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය නික් හොප්කින්සන් ප්‍රකාශ කරන්නේ සුවඳ දුම් ඇතුළු විවිධ ආකාරයේ දුම් විස සහිත විය හැකි බව මේ මගින් ද සනාථ කර ඇති බව යි.

විශේෂයෙන් පෙනහළු ආබාධ සහිත පුද්ගලයින් සුවඳ දුම් ආඝ්‍රාණයෙන් ඈත් කර තැබීමට හා දෙමාපියන් දරුවන් ඉදිරියේ හඳුන් කුරු දැල්වීමෙන් වැළකී සිටීමට මේ සොයා ගැනීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත්, මෙය කුඩා පර්යේෂණයක් මෙන්ම එය මීයන් යොදාගනිමින් සිදු කළ නිසා ශරීරයට සුවඳ දුම් ආඝ්‍රාණයෙන් සිදුවිය හැකි හානි පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි බවද ඔවුන් පවසා තිබේ.

(srilankamirror)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>