22 Aug 2015
හඳුන්නෙත්ති පත්කළේ ජනතා ඉල්ලීම් මතයි
ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් මත සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
හඳුන්නෙත්ති මහතා පරාජිත අපේක්ෂකයකු ලෙස පිළිගත නොහැකි බවත්, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවුනේ පක්ෂ අපේක්ෂකයන් අතර තරගයකින් මනාප අඩුවී නොව පක්ෂයට ලැබුණු ඡන්ද ප්රමාණය මදක් අඩුවීම නිසා බවත් ඔහු පවසයි.
ඇතැම් දිස්ත්රික්කවල තම පක්ෂයට මන්ත්රී ධුරයක් නොලැබුණේ ඡන්ද 700ක් අඩුව බවත්, එවැනි දිස්ත්රික්වලින් තේරී පත් නොවූ මන්ත්රීන් පරාජිත අපේක්ෂකයන් ලෙස හැඳින්වීම සුදුසු නොවන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.