හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ලෙන් කියවෙන දේ

null

දේදුන්නක් ආකාරයට සඳ වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගියදා (21) රාත්‍රියේ දිවයිනේ බොහෝ පෙදෙස්හි ජනතාවට දැකගත හැකිවිය.

බොහෝ ප්‍රදේශවලට මෙය රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුළ පැහැදිලිව දකින්නට ලැබුණු බව වාර්තා වෙයි.

මෙලෙස වර්ණවත් අලෝක වළල්ලක් හඳ වටා පිහිටන ආකාරයෙන් පෙනෙන්නේ වායුගෝලිය ආද්‍ර‍තාවය හෙවත් වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍ර‍මාණය වැඩි වූ පැහැදිලි අහසක් ඇති හොඳින් සඳ පායා ඇති දිනක දී ය.

චන්ද්‍ර‍යාට හිරුගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය වී පෘතිවියට පැමිණීමේ දී එය අප සඳ එළිය ලෙස හඳුන්වයි. සඳ එළිය මේ ජල බිංදු හරහා ගමන් කරද්දී එම අලෝකයේ වර්ණ දිවාකාලයේ දේදුන්නක් පායන විටක දී මෙන් වෙන්ව පෙනේ. මෙය අතීතයේ පටන් දනන් සිත් වසඟ කළ දර්ශනයක් බැවින් කවීහු එය මනාව සිය නිර්මාණ වලට එක්කර ගත්හ.

මේ පිළිබඳව විමසීමකදී තාරකා ජීව විද්‍යා ගවේෂක, විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ වර්ණවත් ආලෝක වළල්ලක් චන්ද්‍රයා වටා පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී කුණාටු සහිත වැසි ඇතිවීම බවයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>