හප්පා දමාගොස් ඇති බවට සැකකෙරෙන මළසිරුරක් පාරේ

null

වාහනයකට යටකර දමා ගිය බවට සැක සිතිය හැකි පිරිමි අයකුගේ මළසිරුරක් අද(15)අලුයම දඹුල්ල කණ්ඩලම පාරේ තිබී හමුවී ඇතිබව දඹුල්ල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

ඔහුගේ හිස ප්‍රදේශය ට බරපතළ තුවාල සිදුවී ඇති අතර වාහනයකට හැපී වාහනය පලාගියේද, එසේ නැතිනම් මෙම පුද්ගලයා වාහනයකට යටකර ඝාතනය කළේද යන්න තාමත් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබයි.

අලුයම 3ට පමණ මෙම සිදුවීම පිළිබඳව වාර්තා වූ බව දඹුල්ල පොලිසිය කියයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>