12 Feb 2015
හම්බන්තොට රිය අනතුරකින් 5ක් මරුට
හම්බන්තොට, පලේලෙමලල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළුව පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (11) පස්වරු 5.40 ට පමණ ත්‍රීවිලරයක් බසයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
ජීවිතක්ෂයට පත්වූවන් අතර මාස 9 ක සහ අවුරුදු 9 ක කුඩා දැරියන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ තවත් පුද්ගලයෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඉන් බරපතල තුවාල ලැබූ තවත් සිව් හැවිරිදි කුඩා දරුවෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙලෙස අනතුරට ලක්වූයේ හම්බන්තොට – පල්ලෙමලල ප්‍රදේශයේම පදිංචි පවුල් දෙකක ඥාතීන් පිරිසක්.