හම්බන්තොට වරායෙනුත් ඉන්ධන සොරාගෙන

null

හම්බන්තොට වරායේ දෙවන අදියරේ වැඩබිමේ ඉන්ධන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් හම්බන්තොට වරායේ රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටියදි හසු කර ගත් බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

තමන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් කොටු කරගැනීමට සමත්වූ බවත් පසුව ඔවුන් පොලීසියට භාරදුන් බවත් නගරාධිපතිවරයා පවසයි.

තමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් මෙම සොරකම සිදුකර ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නෙත් නිව්ස් වාර්තා කරන්නේ ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සිදුකරන ආකාරයෙන් සැකකරුවන් ඔවුන් පැමිණි වාහනවල පෝස්ටර් අලවා තිබූ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>