හම්බන්තොට සිදුවූ මාරක රිය අනතුර

null

හම්බන්තොට – අලූත්පාරේදී අද දහවල් වෑන් රථයක් පාලනය කරගත නොහැකිව ආරක්ෂක වැටක ගැටී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක ඇතුලූ දෙදෙනෙකු මියගොස් තිබේ.

තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

කතරගම වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටි ඔවුන් ගම්පහ – වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථය පැදවූ 28 හැවිරිදි පුත‍්‍රයා සහ 61 හැවිරිදි ඔහුගේ මවයි. රෝහල්ගත කර ඇති එක පුද්ගලයෙකුගේද තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රියදුරාට වෑන් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටක ගැටීමෙන් අනතුර සිදුවී ඇත. එහිදී ආරක්ෂිත වැටෙහි යකඩ තහඩුව වෑන් රථය තුළට කිඳාබැස තිබූ බවද අම්බලන්තොට පොලිසිය සඳහන් කළේය.

null
null
null
null
null
null

pics – නෙත්/හිරු නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>