හමුදා කඳවුරු ඉවත් කරන්නේ නෑ
දැනට පවතින හමුදා කඳවුරු සීමා කිරීමට හෝ භට පිරිස් අඩු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ඊයේ (07) යාපනයේ මෙන්ම කිලිනොච්චි සංචාරයෙන් පසුව මුලතිව් ආරක්ෂක සේවා මූලස්ථානයට පැමිණිමෙන් අනතුරුවයි.
අද පුවත් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ.
“ඔබ සියළුදෙනා මැදිහත්ව දැනට වසර පහකට පෙර නිදහස් කරගත්තේ වසර තිහක් මෙරට වෙලාගෙන සිටි ත්රස්තවාදයයි’ ඒ වෙනුවෙන් මියගිය, අතුරුදන්වූ හා අබාධිත තත්ත්වයට පත් සියළුදෙනාටත්, ඔවුනගේ පවුල්වල සාමාජිකයින්ටත්, ඔබ සැමටත් ඔබලාගේ පවුල්වල සෑම දෙනාටමත් ගෞරවය පුදකරනවා. ඔබගේ හැඟීම් අදහස් මට දැනෙනවා. ජනපතිතුමන් අගමැතිතුමන් ඇතුළු අපගේ නව රජයේ අවශ්‍යතාවය ඔබ දිනාදුන් දේශයේ සියළු දෙනාට ගෞරවනීය ලෙස ජිවත් වීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටත්, එහි උන්නතිය වෙනුවෙන් සේවය කිරීමටත්, නවරජයේ නව ප්‍රතිපත්ති සමග නව ප්රබෝධයක් නව බලාපොරොත්තුවක් සියළුදෙනා තුල ඇතිවී තිබෙනවා.
රණවිරුවනි අපි කිසිසේත් ජාතික ආරක්ෂාව කියන විෂයට තිබෙන අවධානය අඩු කරන්නට කටයුතු කරන්නේ නැහැ. ඒසේම දැනට පවතින කඳවුරු ප්‍රමාණය සිමා කරන්නට හෝ ආරක්ෂක අංශයන්හි භටපිරිස් අඩු කරන්න අප රජයේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. රජයක් ලෙස ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිසෙත් නොසලකා හරින්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරිමේදී ජනතාවට ඇතැම් අපහසුතා දුෂ්කරතා මතුවෙනවා. ඒ ජනතාවට ඇතිවන දුෂ්කරතා වෙනුවෙන් අපි රජයක් ලෙස සංවේදීව ක්‍රියාකරනවා මෙන්ම විසඳුම් සෙවීමට ක්‍රියා කරනවා.”