02 Aug 2015
හරකෙක්ට බියවූ නිවුන් සොයුරියෝ දියේ ගිලී මරුට
මතුගම දාපිලිගොඩ අගලවත්ත ප්‍රදේශයේදී නිවුන් සොයුරියෝ දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් තිබෙන්නේ කොළඹ සරසවියේ ඉගෙනුම ලබන 23 හැවිරිදි චලුනි නිත්‍යා පෙරේරා, හා පියුමි නිත්‍යා පෙරේරා ය.
ප්‍රදේශවාසීන් පැවසුවේ සොහොයුරියන් දෙදෙනා මීහරකකු කුළප්පුවී ඔවුන්ට අනින්නට යද්දී දියේ ගිළී අනතුරට ලක්ව ඇති බවයි.
රෝහලට ගෙන යන අවස්ථාව වන විටත් ඔවුන් මිය ගොස් සිටි බව සඳහන්.
මතුගම මූලස්ථාන පොළිස් පරීක්ෂක චන්ද්‍ර පද්මලාල් හා පොලිස් පරීක්ෂක සිසිර සේනානායක මහත්වරු පරීක්ෂණ පවත්වති.